-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ශක්තිජනක පාන වර්ග ගැන අනතුරු ඇඟවීමක්

වයස අවුරුදු දොළහෙන් පහළ ළමුන්ට ශක්තිජනක පාන වර්ග දීම සුදුසු නැති බව මූලවේදිය හා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී, කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක අවධාරණය කරයි.

ඇතැම් දෙමාපියන් ක්‍රීඩා ඉසව්වලට සහභාගි වන තම දරුවන්ට ශක්තිජනක පාන වර්ග දෙනමුත් ඉන් දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ඇතිවන බවද ඔහු පෙන්වා දෙයි. මෙම ශක්තිජනක පාන වර්ගවල තිබෙන රසායනික වර්ග හේතුවෙන් නින්ද නොයාම මෙන්ම හෘද රෝග ද ඇති වෙන බව
විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි. මේ තත්ත්වය නිසා නොර්වේ, ප්‍රංශය හා ඩෙන්මාර්කය ඇතුළු රටවල් රැසක් සිය රට තුළ ශක්තිජනක පාන වර්ග අලෙවිය තහනම් කර ඇති බවත් පෙන්වා දෙන හෙතෙම දරුවන්ට පමණක් නොව ශක්ති ජනක පාන බිමට ගන්නා වැඩිහිටියන්ටද එහි අහිතකර ප්‍රතිඵල ඇති වන බව පෙන්වා දෙයි.  විශේෂයෙන්ම ඇතැම් තරුණයන් සැර මත්පැන් සමග ශක්ති ජනක පාන කලවම් කර බිමට ගැනීම ඔවුන්ගේ ජීවිතවලට පවා බරපතළ ප්‍රශ්නයක් විය හැකි බවටද ඔහු අනතුරු අඟවයි.
මිහිරි ෆොන්සේකා

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos