බම්බලපිටිය පොලිස් ස්ථානයේ රදවා සිටි රැදවියෙක් අද දහවල් එම පොලිස් ස්ථානය තුළ ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බව පොලිස් වාර්තා පවසා සිටී.
තවදුරටත් පැවසෙන පරිදි මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යා භාවිතා කිරීම සහ වාහන වල අමතර කොටස් ගලවාගෙන යෑම සම්බන්ධයෙන් සිරගත වී සිට ඇත.
අද දහවල් මෙම පුද්ගලයා රැදී සිටි කුටියේ තේ කෝප්පයක් හැලීම හේතුවෙන් එය සුද්ධ පවිත්‍ර කරගැනීම සදහා ලබා දුන් රෙදි කැබැල්ලක් උපයෝගී කරගනිමින් මෙම සියදිවි නසා ගැනීම සිදුකොට ඇත