-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇත්ත තමා අයියා, මට ඕක තේරුණේ නෑනේ පසුගියදා විදුලි බිලට එරෙහිව සාර්ථකව පන්දම්ද රැගෙන සභාවට ගිය එජාප මන්ත්‍රීවරු විදුලි බිලට එරෙහිව හඬ නගන්නට වුණා.

ආණ්ඩු පක්ෂයෙන්ද විරෝධතා පාඨ පුවරු ආදිය සකස් කරගෙන පැමිණි සිටි නමුත් එතරම් ක්‍රියාශීලීව නොසිටියේ විදුලි බිල යනු ජනතාවට ඉතා සංවේදී කාරණයක් බව දැන සිටි නිසාය. එමෙන්ම ඔවුන් තමන්ගේ සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමටද මැලි වූයේය. 

මේ අතරේ සභාවට ප්‍රමාද වී දකුණු පළාත් සභා මන්ත්‍රිනී  අනර්කලී ආකර්ෂාද පැමිණියාය. ඇයට මේ සිදුවන දේ ගැන අවබෝධයක් තිබුණේ නැත. ඇය පැමිණි විගසම සටන් පාඨ පුවරුවක් රැගෙන කෑ ගසන්නට පටන් ගත්තේ සිය සෙසු සගයින් නිශ්ශබ්දව සිටියදීය.

පසුව එදින හවස් වරුවේ එජාප පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අනර්කලීට දුරකථන ඇමතුමක් දී මෙසේ කීවේය.

බලන්න නංගී අද ඔයා විතරක් ඉවරයක් නැතුව කෑ ගැහුවා. ඔයාලගේ අනිත් අය සද්ද නැතුව හිටියා. මොකද ඒ අය දන්නවා ලයිට් බිල ගැන කෑ ගැහැව්වොත් ජනතාව තරහ වෙනව කියලා. ඔයා ආව ගමන් සටන් පාඨ පුවරුවකුත් දීලා කෑ ගහන්න ඉඩ ඇරියා. 

දැන් මිනිස්සු තරහ වෙන්නේ ඔයත් එක්ක නේ. ඔය ලණු කන්න එපා මන්ත්‍රීවරයා කීවේය. ඇත්ත තමා අයියා, මට ඕක තේරුණේ නෑනේ. බලන්නකෝ එකට ඉන්න අයමනෙ අපිව අමාරුවේ දාන්නෙ අනර්කලී කීවාය.

මෙවර ජවිපෙ නායකයින් අතර වැඩි අවධානයක් යොමු වූ කාරණා වූ විදුලි බිල ඉහළ යාම හා උතුරේ ඉදිරි මැතිවරණ පිළිබඳවය. විදුලි බිලට එරෙහිව දිගින් දිගටම සෙසු පක්ෂ හා කණ්ඩායම් සමග එක්ව විරෝධතා දැක්වීමට මෙහිදී තීරණය විය. 

එසේම ඉදිරියේදී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කළහොත් ජවිපෙ තරග කිරීමටද තීරණය විය. එම අවස්ථාව ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ මතය දෙමළ ජනතාව අතරට ගෙන යාමට යොදා ගැනීමටද තීරණය විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos